බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අනුරාධපුරය, මානිංගමුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ගවයින් බැඳීම සඳහා කැලයට ගොස් සිටි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් සහ ඔහුගේ වයස අවුරුදු 14ක ඥාති පිරිමි දරුවෙක් අද (04) උදෑසන මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි දෙදෙනා ප්‍රදේශවාසීන් එක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පත්වනු ලබනවා.
