Gossips

දෙදෙනෙකුට දිවි අහිමි කරමින් වවුනියාවේ දී සිදුවූ අනතුර

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී අද අලුයම (11) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කිලිනොච්චියේ සිට වවුනියාව දෙසට ධාවනය වූ බස් රථයක් සහ වවුනියාව සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පුලියන්කුලම පොලිසිය පවසන්නේ.
ලොරි රථයේ රියදුරු සහ බස් රථයේ ගමන්ගත් කාන්තාවක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වාහන දෙකේම වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූවන් පුලියන්කුලම සහ වවුනියාව රෝහල් වෙත ඇතුළත් කර ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.