Gossips

දෙදෙනෙක් සොයාගන්න පොලිසිය සහය පතයි (ඡායාරූප)

පසුගිය ජනවාරි මස 16 වන දින අංක 2670 පැතුම්ගම, සෙවනගල ප්‍රදේශයේ තරුණියක් රැගෙන ගොස් අපහරණය කර ඇති බව පවසමින් ඇයගේ මව සෙවනගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සිද්ධියට අදාළ එම සැකකරු සහ අපහරණය වූ බව පවසන දැරිය සොයාගැනීමට මහජන සහය පතනවා.
සැකකරු පොතුමුල්ලේ කංකානම්ගේ දොන් සමන් කුමාර නමැති වයස අවුරුදු 33 ක් වූ අංක 188/1,700 කොටස,හබුරුගල,සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදන් දැරිය තරුෂි තත්සරණි නමැති වයස අවුරුදු 15 ක් වූ පැතුම්ගම, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
මොවුන් පිලිබඳ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සෙවනගල පොලිසිය – 047-2231322
ස්ථානාධිපති – සෙවනගල පොලිසිය -047-2231321