Gossips

දෙදින පුහුණු තරඟයක්

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරඟයක් කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වනවා.
සීමිත පන්දු වාර තරගාවලිය අවසානයේ, ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර පැවැත්වෙන පුහුණු තරඟ දෙකෙන් පළමු වැන්න වන මෙම තරඟයේදී ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා පාලක මණ්ඩල පිළ මෙහෙය වනු ඇති.
එංගලන්ත පිළ ජෝ රූට් විසින් මෙහෙය වනු ලබන අතර, ශ්‍රී ලංකා පාලක මණ්ඩල පිළට කෞශල් සිල්වා, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, චරිත් අසලංක, කසුන් රාජිත ද ඇතුළත්.