Gossips

දෙදරු මවක් දූෂණය කළ 2 කට 34 වසරක සිරදඩුවම්

දෙදරු මවක් සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයින් දෙදෙනෙකුට වසර 17 බැගින් වසර 34ක සිරදඩුවමක් නියම කිරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් නියෝග කළා.
ඊයේ මෙලෙස දඩුවම් නියම වුණේ හුංගම – දෙණිය – හන්දියකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුටයි.
පොලිීසියෙන් බව පවසා ආයුධ සන්නද්ධව නිවසකට ඇතුළු වී එහි දේපල කොල්ලකා සැකකරුවන් අදාළ කාන්තාව සමූහ දූෂණයට ලක් කර තිබුණේ 1994 වසරේ ඔක්තෝම්බර් මස 2 වනදා අලූයම් කාලයේදීයි.
නඩු විභාගය ආරම්භයේ පටන් එක් සැකකරුවෙකු අධිකරණය මග හැර සිටි අතර, ඔහු නොමැතිව නඩුව විභාගයට ගත් හම්බන්තොට මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් සමූහ දූෂණයකට ලක්වූ කාන්තාවට රුපියල් ලක්ෂ 3 ක වන්දි මුදලක් ද ගෙවන ලෙස සැකකරුවන්ට නියෝග කර තිබෙනවා.