Gossips

දෙදරු මවක් ඝාතනය කර වස පානය කළ පුද්ගලයා මියයයි (ඡායාරූප)

වැලිපැන්න සිහිලැල්තැන්න ප්‍රදේශයේ දෙදරු මවක් ගෙල කපා ඝාතනය කර වස පානය කළ සැකකරු මියගොස් තිබෙනවා.
34 හැවිරිදි සැකකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ උදෑසන ඝාතනයට ලක්වුයේ 37 හැවිරිදි කාන්තාවක්.
මෙම ඝාතනයෙන් පසු සැකකරු වස පානය කිරීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බවයි පොලිසිය කියාසිටියේ.
37 හැවිරිදි දෙදරු මවක් වන කාන්තාව සිය අනියම් සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඇය විදේශගතව සිට පැමිණ මාස 3 ක පමණ කාලයක සිට සැමියාගෙන් වෙන්ව කුලී නිවසක පදිංචිව සිටි බවටයි හෙළිවී ඇත්තේ.
ඒ අවුරුදු 16 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුත්‍රයා ද සමගින්.
දියණිය සඳහන් කර ඇත්තේ නිවසට පැමිණි පුද්ගලයෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එය වැලැක්වීමට ගිය කුලී නිවසේ හිමිකාරිය සහ මියගිය කාන්තාවගේ පුත්‍රයා ද තුවාල ලබා දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියාසිටියේ.
සිද්ධිය පිළිබඳ වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.