Gossips

දෙදරු පියෙකුට මරු කැඳවූ රත්නපුර නව නගරයේ අනතුර

රත්නපුර නව නගරයේ දී ඊයේ (03) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක ගමන් ගත් 47 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
රත්නපුර දෙස සිට පැමිණි ජීප් රථයක් වාහන කිහිපයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියේ සහ තවත් වාහන කිහිපය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
ජීප් රථයේ ගැටී අනතුරට පත්වූ යතුරුපැදිකරු රත්නපුර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
අනතුර සිදුකළ ජීප් රථයේ රියදුරු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.