සුරියවැව, ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ විහාර ගල ප්රදේශයේ ඊයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක් පසුකර යාමේදී එම ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි දෙදරු පියෙක්.
ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
සිද්ධිය අසල සවි කර තිබු ආරක්ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.
rnrnrnrnrnrnrn
