Gossips

දෙකෝටි හතලිස් හතර ලක්ෂයක හෙරොයින් සමඟ විදේශිකයෙකු ගුවන් තොටේදී අල්ලයි

රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ මාලදිවයින ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 39යි මිලි ග්‍රෑම් 340ක්.
ඊයේ (22) සවස ගුවන් තොටුපොල පිටවීමේ ප්‍රයන්තයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මිට පෙර 2016 වසරේ සිට 16 වතාවක් මෙරටට පැමිණ ඇති බවයි අනාවරණය ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු 33 හැවිරිදි මාලදිවයින ජාතිකයා අද (23) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.