Politics Sri Lanka

දූෂිත ඇවන්ගාඩ් ගනුදෙනුවේ 07වන චූදිතයා මෛත්‍රී තුරුලේ

දූෂිත ඇවන්ගාඩ් ගනුදෙනුවේ 07වන චූදිතයා මෛත්‍රී තුරුලේ

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයේදී 13 දෙනෙකු චූදිතයන් කරමින් නිකුත් කර ඇති වාර්තාවේ 07ව චූදිතයා ලෙස නම් කර ඇති රණවක ආරච්චිගේ දොන් ජනක නොහොත් ජනක රනවක මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කෝට්ටේ නගරාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදරිපත්ව සිටියි.

ජනක රනවක යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපතිවරා ලෙස කටයුතු කළ තැනැත්තා වන අතර ඔහු ඇතුළු 13දෙනාට එරෙහිව අපරාධ නඩු පැවරි යුතු බවද බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

රක්නා ලංකා සේවකයන් පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, රක්නා ලංකා ගිනිඅවි නීති විරෝධී ලෙස ඇවන්ට්ගාඩ් සමාගම වෙත පැවරීම සහ රක්නා ලංකා ආයතනයටත් නාවික හමුදාවටත් ලැබිය යුතු මුදල් නොගෙවීම, මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කිරීම, ඇවන්ට්ගාඩ් ආයතනය කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණු කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්ත සිදුකිරීට සඳහා තුවක්කු 17ක්, නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව එකී පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීම සහ එසේ සිදුකිරීමට සහාය දීම යන ප්‍රධාන සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් වන චෝදනා, ජනාධිපති කොමිසම විසින් තහවුරු කර තිබේ.

මෙම වැරදි සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති උපාලි කොඩිකාර, රක්නා ආරක්ෂක ලංකා සමාගමේ හිටපු සභාපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති යන අය අපරාධමය වරදවල් සිදු කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පැවරි යුතු බවද එම කොමිසම නිර්දේශ කර ඇත.

තමන් වංචාවට, දූෂණයට විරුද්ධ බවත් වංචණිකයන්ට දූෂිතයන්ට තමන් ලඟ සිටිය නොහැකි බවත් පවසමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ දිනවල මැතිවරණ වේදිකාවේ විශාල වශයෙන් හඩ නැගුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂයන් අතර පැවති පාලන සමයේ විශාල වශයෙන් වංචා හා දූෂණවලට සම්බන්ධවූ පුද්ගලයන් බොහෝ පිරිසක් සිටිති.