Gossips

දූෂණ හා වංචා සම්බන්ධ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට කමිටුවක්

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරලීම සඳහා අමාත්‍යවරුන් 3 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද(26) උදෑසන අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අදාළ කමිටුව පත් කර ඇති බව සඳහන්.
රාජිත සේනාරත්න, ඞී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් එම කමිටුවේ සාමාජිකයන්. එම කමිටුවේ ලේකම් ධුරය නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දරනු ඇති.
මීට අමතරව අපරාධ, යුක්තිය පිළිබදව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන්, තලතා අතුකෝරළ සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් ද පත් කර තිබෙනවා.