Gossips

දූෂණ විරෝධී හඬ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

බැඳුම්කර ගණුදෙනුව සිදුවී වසර හතරක කාලයක් ගතව ඇතත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට මෙතෙක් දඩුවම් පැමිණවීම සිදුකර නොමැති බවට චෝදනා කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරතවුණා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ ද එක්ව සිටියා.
විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ් බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට වහා දඩුවම් කරන ලෙසයි.