Gossips

දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි 43 ක්

2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ආයතනවල සිදුවූ දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට අද වනවිට පැමිණිලි 43 ක් ලැබී තිබෙනවා.
එම කොමිෂන් සභාව නිවේදනය කළේ එම පැමිණිලිවලට අදාළ මූලික විමර්ශනවලින් අනතුරුව ලබන 28 වන දින සිට සාක්ෂි විභාග ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
එමෙන්ම කොමිෂන් සභාවේ විෂය පථයට අදාළ සෑම පැමිණිල්ලක්ම විභාග කිරීමට එහිදී තීරණය වී ඇති අතර, තවදුරටත් මූලික විමර්ශන කටයුතු සඳහා කොමිෂන් සභාව හෙට පස්වරුවේ රැස්වීමට නියමිතයි.