Gossips

දූෂණය වංචාව තුරන් කිරීම අපහසුයි – ජනපති කියයි

දූෂණය සහ වංචාව සම්පුර්ණයෙන් තුරන් කිරීම පහසු කරුණක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවති 28 වන ජාතික සමථ දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
උත්සවයට එක්වූ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල කියා සිටියේ, නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.