ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවලට ඊයේ ඇති වූ දූලි කුණාටුව සහ ඉන් අනතුරුව ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ජීවිත හානි 73 ක් වාර්තා වූ අතර, එහිදී අග්‍රා ප්‍රදේශයෙන් වාර්තා වු මරණ සංඛ්‍යාව 43 ක්.
යාබද රාජස්ථාන් ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 36 ක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
දූලි කුණාටුවෙන් දිල්ලි අගනුවරට ද හානි සිදුව ඇති අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩිනම් සහන මෙහෙයුම් සඳහා උපදෙස් ලබාදී තිබෙනවා.
