දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ජා සාර්ථකව අවසන් වු බැවින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම තාවකාලිකව අත්හල බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණගේ මේ බව කියා සිටියේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
වටගොඩ දුම්රිය ස්ථානයේ සේවකයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන නාවලපිටිය මෙහෙයුම් කොට්ඨාශයේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ කාර්ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ සිට හදිසි වර්ජනයක් සිදුකළා.
මේ හේතුවෙන් රඹුක්කනින් පසු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ඇණ හිටියා.
පසුව වර්ජනය අද උදෑසන තාවකාලිකව අත්හිටවුයේ අදාල ගැටලූවට විසඳුම් ලබාදීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සාකච්ඡාවක් ලබා දීම හේතුවෙන්.
සාකච්ජාවෙන් පසු හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට එකඟත්වය පළ වූ බැවින් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.