Gossips

දුෂණය පිටුදකින දේශපාලන චරිත ජනතාවගේ අපේක්ෂාව බව ජනපති කියයි

දුෂණය පිටුදකින ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශිෂ්ඨ දේශපාලන චරිත වර්තමානයේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධනගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට කන්තලේ නගර ශාලා භූමියේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
එහිදී ඔහු සඳහන් කළේ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන චරිතය අවංක සහ විශිෂ්ඨ දේශපාලන චරිතයක් බවයි.
ඔහු දුෂණයට විරුද්ධව සටන් කළා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට කැපවූ නායකයෙක් බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ.
මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළා.
වයඹ මහ ඇලේ ඉදි කිරීම් කටයුතු ලබන 24 වනදා ආරම්භ කෙරෙන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
එමෙන්ම මේ වන විට සාර්ථකව නිම වෙමින් පවතින මොරගහකන්ද කලු ගග ජලාශ ව්‍යාපෘති හරහා ද ත්‍රිකුණාමල නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුව ඇතුලු කෘෂිකාර්මික ගැටලු රැසකට විසඳුම් හිමිවනු ඇති බව ද සඳහන් කළා.