Gossips

දුර්ලභ කොටි දෙනක් කොටි ප්‍රහාරයකින් මිය යයි

ලන්ඩන් සත්වෝද්‍යානයේ විසූ ලෝකයේ දුර්ලභතම කොටි විශේෂයට අයත් සුමාත්‍රා කොටි දෙනක, ඇය හා සහවාසයට එක් කළ කොටියෙකු අතින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලාටි නැමති වසර 10ක් වයසැති මෙම කොටි දෙන මීට පෙර පැටවුන් 7 දෙනෙකු බිහි කර ඇති අතර, නව සහකරු අවුරුදු 6ක් වයසැති අසිම්, ලන්ඩන් සත්වෝද්‍යානයට රැගෙන විත් ඇත්තේ මීට දින 10කට පෙරයි.
ඔවුන් දෙදෙනා එක්වනු ඇතැයි සත්වෝද්‍යාන බලධාරීන් අපේක්ෂා කළ ද අසිම් එල්ල කළ දැඩි ප්‍රහාරයකින් මෙලාටි කොටි දෙන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොටි විශේෂ 5 අතරින් දුර්ලභතම සුමාත්‍රා කොටි දැනට ලොව සිටින්නේ 400කට අඩු සංඛ්‍යාවක්.
දිග ඇදුණු විට අඩි 33ක් පමණ විශාල සුමාත්‍රා කොටියෙකුගේ ගෙරවිල්ල සැතපුම් දෙකක් පමණ දුරට ඇසීම ද විශේෂ කරුණක්.