Gossips

දුරදිග ගිය වෝඩ් පෙදෙසේ අනතුර

කොළඹ වෝඩ් පෙදෙසේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළා.
අනතුරත් සමග අවට සිටි ප්‍රකෝපවූ පිරිසක් බස්රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහර දී තිබෙනවා.
මීගොඩ සිට පිටකොටුව බලා ධාවනය වන බස්රථයක් අද පස්වරු 4.30 ට පමණ බොරැල්ල වෝඩ් පෙදෙසේදී ත්‍රීරෝද රථයක් අනතුරට ලක්කර තිබෙනවා.
සිදුවීම දුටු පුද්ගලයන් පවසන්නේ බස් රථය වර්ණ සංඥා නොතකමින් වේගයෙන් ධාවනය කල බවයි.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළා.