Gossips

දුරදිග ගිය බහින් බස්වීම මරණයකින් කෙළවර වෙයි

කිරිඳිවැල්ල, මුදුන්පිටකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා.
පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (27) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට ලක්වූ තැනැත්තා 39 හැවිරිදි මුදුන්පිටිකන්න්ද, රදාවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
අපරාධය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දින සිදුකිරීමට නියමිතයි.