Gossips

දුරදිග ගිය බහින් බස්වීම ඝාතනයකින් කෙලවර වෙයි

බෙලිඅත්ත, සිටිනාමළුව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඊයේ (09) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
වයස අවුරුදු 55ක පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) දින සිදුකිරීමට නියමිතව තිබුණා.
අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි බෙලිඅත්ත පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 33 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.