Gossips

දුරදිග ගිය ආරවුල සැමියාගේ මරණයෙන් කෙළවර කරගත් බිරිඳ

බිරිඳ විසින් අලවංගුවකින් පහර දී සිය සැමියා ඝාතනය කිරීමේ සිදුවීමක් ගොකරැල්ල, තිඹිරියාලන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (10) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර වයස අවුරුදු 50ක පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනය සිදුකළ සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 42ක් වන සැකකාර කාන්තාව අද (12) දින කුරුණෑගල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවයි ගොකරැල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පවුල් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට කරනු අනාවරණය වී ඇති අතර සැකකාර කාන්තාවට සහ ඝාතනයට ලක්වූ පුද්ගලයාට 18 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 08ක ගැහැණු දරුවකු ද සිටින බව පොලිසිය පැවසුවා.