Gossips

දුරගමන් සේවා බස් රථ සඳහා පවත්වාගෙන ගිය ආපනශාලාවකට මුද්‍රා තබයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුමැතිය ද සහිතව කොළඹ – යාපනය ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල – පෙරියකුලම ප්‍රදේශයේ දුරගමන් සේවා බස් රථ සඳහා පවත්වාගෙන ගිය ආපන ශාලාවකට මු‍්‍රද්‍රා තබා තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් සිදුකළ වැටලීමකින් අනතුරුවයි මෙලෙස ඊට මුද්‍රා තබා ඇත්තේ.
ආපන ශාලාවෙහි ආහාර පිළියෙල කරන ස්ථානය අපවිත්‍ර අයුරින් පවත්වාගෙන යන බවට එහිදී හෙළිදරව් වී තිබෙනවා.
එමෙන්ම අපවිත්‍ර ජලය නිසි අයුරින් බැහැර නොකිරීම ද ඔවුන්ට එල්ල වී ඇති තවත් චෝදනාවක්.