Gossips

දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

ගාල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ඇතුලුවී දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වෙළඳසැල තුල සවිකර තිබු CCTV කැමරාවල සැකකරු දුරකථන සොරකම් කරන ආකාරය සටහන් වී ඇති අතර එම දර්ශණ උපයෝගී කර ගනිමිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පුද්ගලයා රුපියල් 308,000 ක් වටිනා දුරකථන 20 ක් සොරාගෙන තිබෙනවා.
එම දුරකථන ද පොලිසිය සොයාගෙන ඇති අතර සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම පුද්ගලයා වසර 8 ක පමණ කාලයක සිට දැඩි ලෙසට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති අයෙක් බව ද අනාවරණ වී තිබෙනවා.