Gossips

දුමින්දගේ ප්‍රකාශයට සුසිල්ගෙන් පිළිතුරු

පළාත් පාලන මැතිවරණයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා තමන්ට නාමිකව පමණක් වගකීම් ලබාදුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂයේ පරාජය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
– දුමින්ද දිසානායක
– අපි මේ මැතිවරණය මෙහෙයවනකොට ජනාධිපතිතුමාත් සමඟ සාකච්ඡා කරලා මැතිවරණයට මෙහෙයුම් කමිටුවක් අපි පත් කළා. සුසිල්ප්‍රේම්ජයන්ත් මැතිතුමා තමයි අපි මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කළේ. මොකද එතුමා තමයි කොළඹ ඉන්න පුද්ගලයා. එතුමට බොහොම ලේසියෙන් පක්ෂ මූලස්ථානයේ ඉඳලා මේ සියලු කටයුතු කරන්න පුළුවන් කම තියෙනවා.
– සුසිල් ප්‍රේම්ජයන්ත්
– මැතිවරණයේ නාම යෝජනා දීලා ඉවර වෙලා තමයි කමිටු කිහිපයක් සකස් කරලා ඒ ඒ අයට ඒ වගකීම් පැවරුවේ. හැබැයි මම මේ ජාතික සංවිධායක හැටියට හිටියාට මම නාමිකව තමයි හිටියේ. මැතිවරණ කාලයේදී කිව්වා කොළඹ ඉන්න නිසා මැතිවරණ කටයුතුවලට උදව් වෙන්න කියලා. ඉතින් එතන මම යම් සම්බන්ධීකරණ වැඩ කොටසක් කණ්ඩායමක් විදිහට කරලා ඒ ටික කළා. හැබැයි මැතිවරණයක් දිනන්න බැහැ මැතිවරණයට නාම යෝජනා දීලා එතන ඒටික පටන් අරගෙන.
– දුමින්ද දිසානායක
– පරාජයේ වගකීම ලේකම්වරයා විදිහට භාර ගන්න ඕනේ නම් මම සූදානම් ලේකම්වරයාගේ තනතුරට ඒක භාරගන්න. හැබැයි මැතිවරණය හැබෑවටම මෙහෙයවුවේ කවද? නායකත්වය දුන්නේ කවුද? ඒ අයත් මේකෙ යම් කොටසක් භාරගන්න එපැයි. මේ පරිනත නායකයෝ නම් පක්ෂයේ අඩුවක් හරි තමන්ගේ අඩුවක් හරි කතා කරන්න ඕනේ මාධ්‍ය ඉස්සරහ නෙමෙයි. පක්ෂයක අභයන්තරයේ තමයි මේ සාකච්ඡාව කරන්න ඕනේ.
– සුසිල් ප්‍රේම්ජයන්ත්
– මම සන්ධානයේ ලේකම් හැටියට මැතිවරණ 12 කට වඩා මෙහෙයවීම් කමිටුවල හිටියා. ඒ 12 න් පැරදුණේ පසුගිය ජනාධිපතිවරණය විතරයි. දේශපාලන පරිනතභාවයෙන් තොරව විවිධ ප්‍රකාශ කරලා පසුගිය අවුරුදු දෙක හමාර තුළ මේවගේ වගකීම් දරාගෙන හිටපු අය තමයි අවසාන ප්‍රතිඵලයට වගකියන්න ඕනේ. ඊට වඩා මේ ප්‍රතිඵලය විග්‍රහ කරගෙන කතා කරන එක වඩා හො ඳයි. මම මීට වඩා කියන්න යන්නේ නැහැ. මොකද කිව්වට මොකද මේ අයට තේරෙන්නේ නැහැ.