Gossips

දුමින්දගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ චූදිත අනුර තුෂාර ද මැල් නැමති පොලිස් නිලධාරියා නිදොස් කොට නිදහස් කිරීමටයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින් සිව් දෙනෙකු මෙම අභියාචනා ගොණුකළේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් මහාධිකරණයේදී තමන්ට නොලැබුණු බව සඳහන් කරමින්.
එම අභියාචනා මාස 5 කට ආසන්න කාලයක් පුරා විභාගයට ගැණුනේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේද සහභාගීත්වයෙන්.
මහාධිකරණ තීන්දුව යළි සලකා බැලුවේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්.
එම විනිසුරු මඩුල්ල සිය තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අනුර තුෂාර ද මැල් නැමති පොලිස් නිලධාරීයා පමණක් නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාල චමින්ද රවී ජයනාත් සහ සරත් බණ්ඩාර යන අනෙකුත් චූදිතයින්ට එරෙහිව තිබූ නීති විරෝධී ගිනි අවි පරිහරණ චෝදනාවෙන් පමණක් නිදහස් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වුණා.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම චූදිතයින්ට එරෙහිව මහාධිකරණය ලබාදුන් තීන්දුව ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා ප්‍රතික්ෂේප කිරීමටයි.