Gossips

දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරු බදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයෙකු කොළඹ වරාය පොලිස් ස්ථානය අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි සහ මත්පැන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් ළඟ තිබී දුම්වැටි 22,000ක් සහ මත්පැන් ලීටරයේ බෝතල් 9ක් ද සොයාගෙන තිබුණා.
29 හැවිරිදි සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.