Gossips

දුම්වැටි වලින් පුළුස්සා කුඩා දරුවෙකුට වද හිංසා කළ සැකකරු අත්අඩංගුවට (ඡායාරූප)

වයස අවුරුදු එකයි මාස දහයක් වයසැති දරුවෙකුගේ ශරීරය කලක සිට දුම්වැටි වලින් පුළුස්සා වද හිංසා කළ පුද්ගලයෙකු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල පුද්ගලයා විසින් සිය අනියම් බිරිඳගේ දරුවාට මෙලෙස වද හිංසා පමුණුවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
තමන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් වී ඇති බව දැනගත් වහාම සැකකරු ප්‍රදේශය අත්හැර පලාගොස් තිබෙනවා.
අනතුරුව සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය ඔහුගේ දුරකථන අංකය ඔස්සේ උපක්‍රම ශීලීව පොලිස් කාන්තාවක් යොදවා ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙනවා.
සැකකාර පුද්ගලයා තමන් සම්බන්ධතාවයක් ඇතිකරගත් නව පෙම්වතිය බැලීමට දොඹගවෙල නගරයට පැමිණි අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත් වුණා.
මොහු මාතර ප්‍රදේශයේ පදිංචි සුගත් යන අය ලෙස පෙනී සිටිමින් පොලිස් කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධය ඇතිකරගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුගේ අනියම් බිරිද වන දරුවාගේ මවද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.




ඡායාරූප – වැල්ලවාය ජයන්ත වීරසේකර