Gossips

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු තංගල්ලේදී අත්අඩංගුවට

නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු තංගල්ල – සතිරගම මංසන්ධියේදී අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල – පල්ලික්කුඩාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම දුම්වැටියක් රුපියල් 40ක මිලකට වෙළදසල්වලට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු සන්තකයේ දුම්වැටි 420ක් තිබූ බවයි පොලීසිය සදහන් කළේ.