Gossips

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ දුම්වැටි 15,400 ක් අඩංගු , දුම්වැටි කාටූන් 77 සැකකරු සතුව තිබී සොයාගෙන ඇති බවයි.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හත්ලක්ෂ 70,000ක් බවයි වාර්තා වන්නේ.
සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.