Gossips

දුම්වැටි අලෙවියට අලුත් ක්‍රමයක්

පහත වැටී ඇති දුම්වැටි අලෙවිය ඉහල නංවා ගැනීම සඳහා දුම්කොළ සමාගම මේ දිනවල නව වෙළඳ උපක්‍රම භාවිතා කරමින් සිටිනවා.
වෙළඳසැල් තුල ක්‍රියාත්මක ‘අභිෂේක’ නමැති වෙළඳ ප්‍රවර්ධන ක්‍රමවේදය ඔවුන්ගේ නවතම උපක්‍රමයයි.
වෙළඳසැල්වල නම සඳහන් කර ‘අභිෂේක’ නමැති දැන්වීම් පුවරුවක් ලබාදෙන අතර තවත් ප්‍රතිලාභ රැසක් වෙළඳසැල් හිමියන්ට, පිරිනැමීමට දුම්කොළ සමාගම කටයුතු කරමින් සිටින බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට දුම්වැටි අලෙවිය ද සියයට 14කින් පමණ පහල බැස තිබෙනවා.
දුම්වැටි සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තීන්, මිල ඉහල දැමීම මෙන්ම දුම්වැටි භාවිතයෙන් සිදුවන හානි පිළිබඳව ජනතාව වැඩි වශයෙන් අවබෝධ කරගෙන සිටීම ඊට හේතු වී ඇති බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමණාකරු අමරනාත් තැන්න සඳහන් කළේ.
වෙනත් ප්‍රතිරූපයකින් දියත් කර ඇති ‘අභිෂේක’ නමැති ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ද ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.
ඔහු කියා සිටියේ දුම්වැටි අලෙවි කරන වෙළදසැල් හිමියන්ට සහතික පත් ලබාදීමට ද උපක්‍රමික ලෙස දුම්කොළ සමාගම් කටයුතු සලසා ඇති බවයි.