Gossips

දුම්රිය සේවකයන් පිරිසක්, මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

ගැටළු 03ක් මුල් කරගනිමින් දුම්රිය ශ්‍රේණි 03ක සේවකයින් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
වැටුප් විෂමතා සහ පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ.
දුම්රිය ස්ථාන සංඥාකරුවන්, දුම්රිය ප්‍රවේශපත්‍ර සංග්‍රාහක, බඩු පරීක්ෂක සැරයන්වරුන් එක්ව මෙම වර්ජනය සිදුකරනු ලබනවා.