Gossips

දුම්රිය වේග සීමාගැන ගැටළුවක්

දුම්රියෙහි ගැටී වන අලි මියයෑමේ සිදුවීම් පසුගිය කාලය පුරා සුලබව වාර්තා වුණා.
එහිදී එල්ල වූ එක් චෝදනාවක් වූයේ සම්මත වේග සීමා ඉක්මවමින් දුම්රිය ධාවනයයි.
කෙසේ වුවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ දැනට ධාවනයේ යෙදෙන දුම්රිය එන්ජින්වලින් සියයට 90ක පමණ වේග මාපක නොමැති බවයි.
මෙරට ජාතික සම්පතක් වූ වනඅලීන්ගෙන් 15 දෙනෙකු පමණ පසුගිය මාස කිහිපයේදී අකාලයේ මියගියේ දුම්රියන්ට බිළිවෙමින්.
ආසන්නතම සිදුවීම් ලෙස පසුගිය සැප්තැම්බර් මස 18 වනදා හබරණ සහ පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී වන අලීන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර පසුගිය 06 වනදා රාත්‍රියේ පොළොන්නරුව – වැලිකන්ද – නාමල්ගමදී වන අලි තිදෙනෙක් දුම්රියේ ගැටීමෙන් මියගියා.
මේ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී දුම්රිය රියදුරන් චෝදනාවට ලක්වුණා.
ඒ දුම්රිය මාර්ගය දෙපස ඇතැම් ස්ථානවල සම්මත වේග සීමා පනවා තිබුණ ද ඒවා නොතකමින් දුම්රිය ධාවනයේ යෙදීම පිළිබඳවයි.