Gossips

දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වෙයි

වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සදහා අද පස්වරුවේ සිය විධායක සභාව රැස්වන බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් බී.එම්.පී. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද දහවල් පැවති මෙම රැස්වීමට වැටුප් කොමිසමේ සභාපතිවරයා ද එක්ව සිටියා.
පසුගිය 18 වනදා ද දුම්රිය වෘත්තිය සමිති ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සිදුකළ අතර, එහිදී අද දිනයේ යළි සාකච්ඡා කිරීමටයි තීරණය කෙරුණේ.