Gossips

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වර්ජනයක් අරඹයි

දුම්රිය ස්ථානාධිපති, පාලක සහ රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් එක්ව පැය දෙකක පමණ හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් පිළිබදව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සිදුකරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.
ඔවුන් ආරම්භ කර ඇති හදිසි වර්ජනය නිසා මගීන් අපහසුතාවයට පත්වීමත් සමග මරදාන සහ කොටුව යන දුම්රිය ස්ථානවල උණුසුම් තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා.
මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර අදාළ ඉඩමේ සිදුකරන ඉදිකිරීමක් සම්බන්ධයෙන් ලබන සදුදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ පිළිබද දැනුම්දීම පමණක් තමන් සිදුකළ බව ද අමාත්‍යවරයා කියා සිටියා.