Gossips

දුම්රිය වෘත්තීය සමිතිවලින් රතු එළියක්

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්ගේ වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබානොදුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ පෙරේදා ඊට අදාළව සාකච්ඡා පැවති අතර කඩිනමින් විසදුම් ලබාදීමට එහිදී ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වූ බවයි.