Gossips

දුම්රිය වෘත්තිය සමිති අද යළි ජනපති හමුවෙයි

දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දුම්රිය ස්ථානාධිපති, නියාමක, දුම්රිය පාලක, දුම්රිය එන්ජින් රියදුරු ඇතුලු සංගම් කිහිපයක නියෝජිතයින් ඊට සහභාගිවන බවයි.
පසුගිය 18 වනදාද දුම්රිය වෘත්තිය සමිති ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සිදුකළ අතර, එහිදී අද දිනයේ යළි සාකච්ඡා කිරීමටයි තීරණය කෙරුණේ.
මේ ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දැක්වූ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ ජනාධිපතිවරයා සිය ගැටළුවට විසඳුමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවයි.