Gossips

දුම්රිය ව්‍යාපෘති පිටට දීමෙන් සිදුවන දැවැන්ත පාඩුව ?

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා අඩු පිරිවැයක් යටතේ සිදුකළ හැකි ව්‍යාපෘති බලධාරින් විදේශිය හා පෞද්ගලික සමාගම් යොදා සිදුකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුවන බව දුම්රිය සේවා වෘත්තිය සමිති එකාබද්ධ පෙරමුණ පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.
– සම්පත් රාජීත – ලේකම් – දුම්රිය සේවා වෘත්තිය සමිති එකාබද්ධ පෙරමුණ
– මේ වෙනකොට දුම්රිය සේවකයින්ගේ හැකියාව මත නුගේගොඩ හා නාරහෙන්පිට අපි මෙම සංඥා පද්ධති සවි කරලා තියෙනවා රුපියල් මිලියන 15යි එකකට වැය වුනේ අපිට. මෙහෙම තියෙද්දි මේ වර්ණ සංඥා පද්ධතිය ඉන්දියාවෙනුයි ඉන්දුනීසියාවෙනුයි ගණන් කරලා තියෙන්නේ එක පද්ධතියකට රුපියල් මිලියන 300ක්. දුම්රිය හරස් මාර්ග බෙල් එල් ලයිට් 200ක් සවිකරන්න දිලා තියෙනවා පෞද්ගලික ආයතනයකට. අපිට පුළුවන් රුපියල් මිලියන 3කට සවිකරන්න. නමුත් මේක රුපියල් මිලියන 5කට සවි කරන්න ප්‍රයිවට් ආයතනයකට දිලා තියෙනවා. මේක දුන්නම ඒගොල්ලන්ට මේක නිම කරගන්න බැරි වුනා. බැරිවුනාම මහා භාණ්ඩාගාරයට 80% ක්ම නැවත මේ මුදල යවන්න වුණා. මේ පෞදිගලික ආයතනයට ලිපිනයක් නැහැ. වෙනත් ආයතනයක නමකින් තමයි ලිපිනය සඳහන් කරලා මේ ටෙන්ඩර් මිළදීගෙන තිබෙන්නේ. මේක මේ වෙනකොට අල්ලස් දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලකුත් යනවා. මාතර සිට බෙලිඅත්තට දුම්රිය ස්ථාන 4ක් එනවා. මේ දුම්රිය ස්ථාන 4කට වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා රැපියල් මිලියන 2000කට වඩා වැඩි මුදලක්. අපි අහන්නේ අඩු මුදලකට මෙම වර්ණ සංඥා පද්ධති සවිකරගන්න පුළුවන් හැකියාව තියෙද්දි ඇයි මේ අපි චීන සමාගම් වලට දෙන්නේ.