අද මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජනය හෙට මධ්‍යහ්න 12 දක්වා කල් දැමූ බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
වැටුප් ගැටළු මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ අතර, දුම්රිය ගැටළු විසඳීමට පත් කළ කමිටුව කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ.
දුම්රිය එන්ජින් රියදුරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කළ වර්ජනයට නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ද සහය පළ කර තිබුණා.
