බලධාරීන්ගේ සහ අනෙකුත් වෘත්තීය සමිතිවල හැසිරීම හේතුවෙන් අද පස්වරු 04 ට අවසන් කිරීමට සැලසුම් කර ඇති වර්ජන ක්රියාමාර්ගය දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. 
දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද පෙරවරු 10 ට සියලූම වෘත්තිය සමිති කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු  අවසන් තීරණයක් ගන්නා බවයි. 
මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ් දුම්රිය ගමන්වාර රැසක් ප්රමාදයන් සහිතව ධාවනය වූ අතර, ඒ හේතුවෙන් මගීන් පත්වුණේ දැඩි අපහසුතාවයන්ටයි.
දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පෙරේදා පස්වරු හතරේ සිට පැය 48 ක මෙම සංකේත වර්ජනය ආරම්භ කළේ 12.1% කින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්. 
කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන මැදිරි හා සංඥා පද්ධති පරීක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.



