Gossips

දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ, දුම්රිය ගැටළු විසදීම සඳහා පත් කළ අනුකමිටුව සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
දුම්රිය රියදුරු, නියාමක, පාලක මෙන්ම ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත්, අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදාළ වර්ජනය අත්හිටවූ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.