Gossips

දුම්රිය වර්ජනයේ අතුරු ප්‍රතිඵල

වර්ජනයේ බලපෑමෙන් අලූත්වැඩියා කටයුතු සිදු නොකෙරෙනු දුම්රිය එන්ජින් යථා තත්ත්වයට පත් කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
පසුගිය දා පැවති දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් එම අලූත්වැඩියා කටයුතු පමා වී ඇති අතර, ඒ නිසා විටින් විට දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුවුණා.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිිපයක් මුල් කර ගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් පසුගිය ජුලි මස 22 වනදා සිට 26 වනදා දක්වා ආරම්භ කරනු ලැබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමඟයි දුම්රිය එන්ජින් අලූත්වැඩියා කිරීමේ කටයුතු අඩාල වූයේ.
වර්ජනය පැවැති කාලසීමාවේදී දුම්රිය එන්ජින් නිසි පරිදි පරික්ෂා නොකර ධාවනය වීම හේතුවෙන් එහි දෝෂ රැසක් මතු වී ඇති බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඒ නිසා
ධාවනාගාර තුළ අලූත්වැඩියා කටයුතු සඳහා එන්ජින් රැසක් එක්රැස් වී ඇති බවයි දුම්රිය තාක්ෂණ ශිල්පි සංගමයේ ප්‍රධාන ලේකම් කමල් පීරිස් කියා සිටියේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දුම්රිය එන්ජින් අලූත්වැඩියා කටයුතු ප්‍රමාද විම නිසා ඊයේ දිනයේදී සහ අද දිනයේදී දුම්රිය ගමන් වාර 6ක් අවලංගු වු බවයි.
මෙම තත්ත්වය මත ඇතැම් අවස්ථාවලදී ද්විත්ව බලවේග කට්ටල සහිත දුම්රිය එක් එන්ජිමක් පමණක් යොදා ධාවනය කරනු ලැබූ බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියා.