Gossips

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති 5 ක සහය

වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනයට දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අදාළ වෘත්තිය සමිති 5 ක් සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
අද පස්වරු 4.30 සිට පැය 72 කාලයක් අසනීප නිවාඩු වාර්තා කර මෙලෙස වර්ජනයට සහය පළ කරන බවයි දුම්රිය අධීක්ෂණ කළමනාකරණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්.කේ. ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර වර්ජනය සම්බන්ධයෙන් වෘත්තිය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.