Gossips

දුම්රිය රියදුරන්ගෙන් රතු එළියක්

දුම්රිය එන්ජිමට ගොඩ වූ මගීන් පිරිසකට රියදුරෙකු විසින් බැන වදින අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වූ වීඩියෝවට අනුව ඊට අදාළ මගීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.
එසේ නොවුණහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බවයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ.
එලෙස මගීන්ට දෝෂාරෝපණය කළ දුම්රිය එන්ජින් රියදුරාගේ සේවය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, මගීන්ට ද දුම්රිය එන්ජින් තුළට පැමිණිය නොහැකි බවට නීතිමය තත්ත්වයක් පවතින බැවින් ඔවුන්ට එරෙහිව ද කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ඉල්ලා සිටියේ.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධව විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි.