Gossips

දුම්රිය මාර්ග යා කිරීම ගැන උතුරු – දකුණු කොරියානුවන් සාකච්ඡා

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්හි දුම්රිය මාර්ග දේශසීමාව හරහා යා කිරීම පිළිබදව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැන්මුන්ජොම් නගරයේදී අද පැවැත්වෙනවා.
යුද්ධයෙන් බෙදුණු කොරියානු අර්ධද්වීපය භෞතික වශයෙන් එක්කිරීම සඳහා මෙම පියවර වැදගත් වන බවයි දෙරටේම අදහස වී ඇත්තේ.
දෙරටේ දුම්රිය මාර්ග යා කිරීම පිළිබදව මීට දස වසරකට පෙර ද සාකච්ඡාවක් පැවති අතර එහිදී ප්‍රගතියක් අත්වූයේ නැහැ.
කොරියානු යුද්ධයට පෙර 20 වන සියවසේ මුල භාගයේදී දකුණු කොරියාවේ සෝල් නුවර සිට උතුරු කොරියාවේ පියොංයැං නුවර දක්වා දුම්රිය මාර්ගයක් ජපාන අධිරාජ්‍ය පාලනය මගින් ඉදිකර තිබුණා.
එම මාර්ගය නවීකරණය කර උතුරු කොරියාවට සෝල් නුවර හරහා චීනය, රුසියාව සහ යුරෝපය දක්වා පිවිසිය හැකි වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.