Gossips

දුම්රිය මගීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව අවට රථවාහන තදබදයක් (ඡායාරූප)

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනයට විරෝධය පළ කරමින් දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරුවේ හදිසි වර්ජනයක් ආරම්භ කලා.
ඊට දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමක යන වෘත්තිය සමිති ඊට එක්ව සිටිනවා.
මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය අද පස්වරුවේ තීරණය කළා.