Gossips

දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට

දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිවල දුම්රිය ස්ථානයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
43 හැවිරිදි සැකකරු හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථන 50 ක් පමණ දුම්රිය මගීන්ගෙන් සොරකම් කර ඇති බවටයි.
ඉන් 45 ක් දෙහිවල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින්ට අලෙවි කළ බවටද අනාවරණය වී තිබෙනවා.