Gossips

දුම්රිය – බස් හෙට වර්ජනය ස්ථිරයි

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සහ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිත වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව එම වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරු එක්ව හෙට මධ්‍යම රාත්‍රි 12 සිට පැය 48 ක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත්තේ වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින්.
එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයද හෙට මධ්‍යම රාත්‍රී 12 සිට සිදුකරනු ලබන පැය 24 ක සංකේත වර්ජනය ආරම්භ කරනු ලබන්නේ ආණ්ඩුව නව දඩ මුදල් ක්‍රමයක් හදුන්වා දීමට විරෝධය පළ කරමින්.
මේ අතර අධිවේගී මාර්ගයවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව අධිවේගීි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය ප්‍රකාශ කළා.
උත්සව සමයේ අධිවේගී මාර්ගවල විශාල වාහන සංඛ්‍යාවක් ගමන් ගන්නා බැවින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ බවයි එම ඒකකය සඳහන් කළේ.