Gossips

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය් දුම්රිය ගමනාගමනයට බාධා

යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.
එමෙන්ම, එම දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට ද ඉඩ ඇති බව සඳහන්.
අද පෙරවරු 8 යි 20ට පමණ යාපනයේ සිට පැමිණි මෙම දුම්රිය දහවල් 12 ට පමණ පීලිපැනීමට ලක්වුණා.