Gossips

දුම්රිය පාලකවරුන් වර්ජනයකට සැරසේ

පොතුහැර දුම්රිය ස්ථානය අසළ දී විරෝධතාවයේ නිරත පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් හෙට සිට වර්ජනයක නිරතවීමට දුම්රිය පාලකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ ඒ අනුව කොළඹ – කුරුණෑගල සීග්‍රගාමී දුම්රිය ධාවනයෙන් ඉවත් වී මෙලෙස වර්ජනයේ නිරත වන බවයි.
දුම්රිය මගීන් පිරිසක් පොතුහැර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ පසුගිය බදාදා ඊයේ රාත්‍රියේයි.
කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මගීන් පිරිසක් ඊට එක්ව සිටියා.
ඔවුන් ප්‍රකාශ කළේ කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානය පසුකර යනතුරු මිනිත්තු විස්සකට වැඩි කාලයක් දිනපතා කුරුණෑගල දක්වා ගමන් කරන දුම්රිය පොතුහැර නවතාගෙන සිටින බවයි.